Surakimu Lanka School Energy Safe Program

The Ministry of Education, Higher Education and Vocational Education has worked to introduce the 'Surakimu Lanka School Energy Safe Program' aimed at building an energy conservation culture through the school.

රාජ්‍ය දත්ත තොරතුරු, පරිගණක ජාල පද්ධතීන් සහ යෙදවුම්, සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීමේ වැඩසටහන.

රාජ්‍ය දත්ත තොරතුරු, පරිගණක ජාල පද්ධතීන් සහ යෙදවුම්, සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීමේ වැඩසටහන අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලන්ත ද සොයිසා සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 31 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි.වික්‍රම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අම්පාර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ අම්පාර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන් ප්‍රධානත්වයෙන්.

අම්පාර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025 ජනවාරි මස 28 වන දින ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්‌ස මහතාගේ සහ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි , අම්පාර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ  සහ අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න  මහතාගේ සංවිධානයෙන් පැවති මෙම කමිටු රැස්වීම සදහා නැගෙනහිර පළාත් සභාවේ සභාපති  චන්ද්‍රදාස දාස ගලප්පත්ති මහතා, අම්පාර සහකාර සැලසුම් අධ්‍යක්‍ෂතුමිය  සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් සහ බහුජන සංවිධාන රැසක් සහභාගි විය. මෙහිදී අම්පාර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවතින ගැටලු ඇතුළුව ජනතා ප්‍රශ්න  සහ යෝජනාවන් රැසක් සාකච්ඡා කෙරිණි.

ඒ අනුව අම්පාර නගර සභාව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීම එහිදී සිදු කෙරුණු අතර, ඒ අතර අම්පාර මහජන උද්‍යානයේ වැඩ නිම කිරීම, අම්පාර නගර සභා සීමාව තුළ පිහිටි වීදි පහන් නඩත්තු කිරීම සහ සැපයීම, අම්පාර බස් නැවතුම් පොල වැඩිදියුණු කිරීම ආදිය ද වේ.

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

පසුගිය දිනවල අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉරක්කාම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙයිනකාඩු ප්‍රදේශයෙන් ගල්ඔය ගංගා ද්‍රෝණිය කැඩියාමෙන් හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් සිදූ වූ හානියෙහි වර්ථමාන තත්ත්වය පරික්‍ෂා කිරීම 2025 ජනවාරි මස 23 වැනි දින දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකල අතර මෙම අවස්ථාව සඳහා සම්මන්තුර වාරිමාර්ග ඉංජිනේරුවරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.

අම්පාර දිස්ත්‍රික් අස්වැසුම දෙවන අදියර සංගණන කටයුතු අම්පාර දිස්ත්‍රික් ලේකම් ප්‍රධානත්වයෙන් ඉන්ද්‍රසාරපුර ප්‍රදේශයෙන් අරඹයි.

අම්පාර දිස්ත්‍රික් අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ  ප්‍රධානත්වයෙන් ඉන්ද්‍රසාරපුර ප්‍රදේශයෙන් 2025 ජනවාරි මස 21වැනි දින ආරම්භ කෙරිණි. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියර සාර්ථක කර ගැනීම සඳහා පියවර ගණනාවක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හදුන්වාදුන් අතර, එහි අවසන් පියවර ලෙස අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම්පත් යොමුකර ඇති අයගේ නිවෙස් වෙත ගොස් තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලිය ජනවාරි 21  සිට ජනවාරි 31දක්වා ක්‍රියාත්මක කෙරේ.

අම්පාර දිස්ත්‍රික්කයේ එහි සමාරම්භය සනිටුහන් කරමින් අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න මහතාගේ සංවිධානයෙන් අම්පාර ඉන්ද්‍රසාරපුර ප්‍රදේශයෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ කළ අතර, මෙම අවස්ථාව සඳහා අම්පාර නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ එච්.බී. අනීස් මහතා, අම්පාර සහකාර ප්‍රාදේශීය ලේකම් සමාධි අගලකොටුව මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.

 

 (අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු අම්පාර දිස්ත්‍රික්  ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් නාවිදන්වේලි  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරුක්කල්මුණි 01 ග්‍රාමයෙන් 2025 ජනවාරි මස 21 දින ආරම්භ කෙරිණි. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියර සාර්ථක කර ගැනීම සඳහා පියවර ගණනාවක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හදුන්වාදුන් අතර, එහි අවසන් පියවර ලෙස අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම්පත් යොමුකර ඇති අයගේ නිවෙස් වෙත ගොස් තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලිය ජනවාරි 21 සිට ජනවාරි 31දක්වා ක්‍රියාත්මක කෙරේ.

අම්පාර දිස්ත්‍රික්කයේ එහි සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් රැසක මෙම ක්‍රියාවලිය ආරම්භ වු අතර, නාවිදන්වේලි  ප්‍රාදේශීය ලේකම්  ආර්. රහුලානහි මහත්මියගේ සංවිධානයෙන් නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ වු මෙම වැඩසටහන සඳහා අම්පාර නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්‍ෂ එච්.බී. අනීස් මහතා, නාවිදන්වේලි සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.

 (අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

අම්පාර දිස්ත්‍රික්කයේ පවතින කෘෂිකාර්මික සහ ගොවි ගැටලු පිළිබද විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීම නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

අම්පාර දිස්ත්‍රික්කයේ පවතින කෘෂිකාර්මික සහ ගොවි ගැටලු පිළිබද විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 19 වැනි දින අම්පාර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පස හදුනාගනිමින්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිළධාරීන්ගේ දැනුම ද භාවිතා කරමින්, තාක්ෂණීය ක්‍රම භාවිතා කරමින් පොහොර ලබා දීම, තාක්ෂණික වගා ක්‍රම ඇරඹිම තුළින් වැඩි අස්වැන්නක් ලබා දීමට හැකි කෘෂිකර්මාන්තයක් ආරම්භ කල යුතුබව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කෙරිණි.

මීට අමතරව පොහොර සහනාදාරය, වී මිල පිලිබද සහ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ නිෂ්පාදන වියදම, අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩා 41ක යලි සකස් කර අස්වැන්න ලබා ගැනීමට සුදානම් කිරීම, කෘෂි වන්දි, ගංවතුරෙන් කුඹුරු වල ගොඩ ගසා ඇති වැලි ඉවත් කිරීම යනාදී කරුණු කාරණා පිළිබදව ද සාකච්ඡා කෙරිණි. මේ වන විට සේනනායක සමුද්‍රයේ ජල මට්ට්ම අඩි 106.6 උස්ව පවතින බැවින් වාන් දොරටු 05ක් මගින් අගල් 15 බැගින් ජලය ගල්ඔය ගග හරහා මුදා හරින නිසා පහත් බිම් වල ජනතාව සහ ගොවීන්ට ආරක්ෂාකාරීව සිටින ලෙස අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ප්‍රකාශ කළේය. අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සංවිධානයෙන් පැවති මෙම සාකච්ඡාව සදහා දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා, දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. පි. කේ. විජේරත්න මහතා, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආදම්බාවා මහතා, අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂතුමන් , ප්‍රධාන ගණකාධිකාරිතුමන්,අම්පාර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්‍ෂතුමන්, වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයින්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිළධාරීන් , වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් සහ ගොවි සංවිධානය නියෝජිතයින් රැසක් සහභාගි විය.

 (අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමඟ විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යාතුමන් ප්‍රධානත්වයෙන්.

අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමඟ විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2025  ජනවාරි මස 19 වන දින  අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සහතික වී මිළ පිළිබඳ එහිදී සාකච්ඡා කළ අතර, විශේෂයෙන් 30%ක විදුලිබිල අඩු කිරීම පිළිබඳ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් මෝල් හිමියන්ගෙන් අදහස් වීමසීම සිදුකෙරිණි. මීට අමතරව මෝල් ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධවද සාකච්ඡා කළ අතර, හැකි ඉක්මනින් සහතික වී මිළක් ලබා දෙන ලෙස එහිදි මෝල් හිමියන් නියෝජ්‍ය අමාත්‍යතුමන්ගෙන්  ඉල්ලීම් කලේය.

අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සංවිධානයෙන් පැවති මෙම සාකච්ඡාව සදහා දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී  මංජුල රත්නායක මහතා, දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්. ඒ. පි. කේ. විජේරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී  අබුබකර් ආදම්බාවා මහතා, අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂතුමන්, ප්‍රධාන ගණකාධිකාරිතුමන්, වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයින්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  නිළධාරීන් සහ වී මෝල් හිමියන් රැසක් සහභාගි විය.

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

අම්පාර, මොණරාගල දිස්ත්‍රික් කාන්තා ව්‍යවසායිකාවන් සහ වනිතා සංවර්ධන නිළධාරින් උදෙසා අපනයනය ඉලක්කකරගත් වෙළදපොල පිළිබද එක් දින පුහුණු වැඩමුළුව.

ජයිකා WEE ව්‍යාපෘතිය යටතේ අම්පාර, මොණරාගල දිස්ත්‍රික් කාන්තා ව්‍යවසායිකාවන් සහ වනිතා සංවර්ධන නිළධාරින් උදෙසා අපනයනය ඉලක්කකරගත් වෙළදපොල පිළිබද එක් දින පුහුණු වැඩමුළුවක් අම්පාර රෝයල් රීච් හෝටල් පරිශ්‍රයේ දී ඊයේ දින (17දා) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ එම්.එස්.එම්.ෆාහීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අපනයනයේ දී ඉලක්කගත වෙළඳපොල, අපනයනයේ දී තෝරාගත යුතු නිවැරදිම නිෂ්පාදනය, ලේබල්කරණය, නව්‍යකරණය පිළිබඳ මෙහිදී මෙම නිළධාරීන් සහ කාන්තා ව්‍යවසායිකාවන් පිළිබඳ දැනුවත් කරන ලදි.

 

 

 

 

 

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය  අමාත්‍යතුමන් සහ දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන් ප්‍රධානත්වයෙන්.

දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්‌ස මහතාගේ සහ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී, දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි 16වන දින  දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සහ දමන ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.ඒ. කුමාරි මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම කමිටු රැස්වීම සදහා අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරීන් ඇතුළු රාජ්‍ය  නිලධාරීන් සහ බහුජන සංවිධාන රැසක් සහභාගි විය.

මෙහිදී දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ගොවි ගැටලු ඇතුළුව ජනතා ප්‍රශ්න සහ යෝජනාවන් රැසක් සාකච්ඡා කෙරිණි.

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

පදියතලාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්‌ස මහතාගේ මූලිකත්වයෙන්.

පදියතලාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025 ජනවාරි මස 15 වැනිදා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්‌ස මහතාගේ මූලිකත්වයෙන් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පදියතලාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මුතූ රත්වත්තේ මහත්මියගේ සභාපතිත්වයෙන් පවත්වනු ලැබුණු මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා, පදියතලාව ප්‍රාදේශීය ලේකම් සුදර්ශන ගුනසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බහුජන සංවිධාන රැසක් සහභාගි විය.

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

ලංකාවේ ප්‍රථම මෙන්ම මෙතෙක් සිදුකළ විශාලතම ව්‍යාපෘතිය වන්නේ ගල්ඔය ව්‍යාපෘතියයි. ඒ යටතේ අක්කර අඩි 770,000ක ජල ධාරිකාවයකින් යුතුව ඉදිකළ සේනානායක සමුද්‍රය ලංකාවේ විශාලම ජලධාරිතාවයකින් යුතු ජලාශයයි. මෙහි ජලය ගලා බසිනු ලබන්නේ ගල්ඔය ගඟ ඔස්සේය. පසුගිය දින කිහිපයෙහි ඇති වු අධික වර්ෂාවත් සමඟ කොටවෙහෙර ප්‍රදේශයෙන් ගල්ඔය ඉවුර ඛාදනය වීම ජනවාරි 14දා වාර්තා විය.

එහිදී අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ස්ථානයීය නිරීක්ෂණයෙන් අනතුරුව අම්පාර වාර්මාර්ග ඉංජිනේරු කාර්යාලය, අම්පාර ප්‍රදේශීය ලේකම් කාර්යාලය, 24 වැනි සේනාංකය සහ අම්පාර දිස්ත්‍රික් ආපද කළමණාකරණ මධ්‍යස්ථානය වහා ක්‍රියාත්මක විය. එහිදී මෙම ඉවුර ඛාදනය වීම අවම කරලීම උදෙසා මෙම අවස්ථාවේ ගත යුතු කඩිනම්ම ක්‍රියාමාර්ගය වන ඉවුරේ අනෙක් පස තැන්පත්ව තිබු වැලි නිධි ඉවත් කිරීම සිදුකෙරිණි.

(අම්පාර දිස්ත්‍රික් මාධය ඒකකය)

 

අධික වර්ෂාවත් සමඟ කොටවෙහෙර  ප්‍රදේශයෙන්  ගල්ඔය ඉවුර ඛාදනය වීම හේතුවෙන් පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් 2025 ජනවාරි මස 14 වන දින, අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුවැල්ල ප්‍රදේශයේ පවුල් 40ක පුද්ගලයින් 110 දෙනකු ආරක්ෂිත නිවස්න කරා යැවීමට අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රමම මහතා ඇතුළු  දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කටයුතු කෙරිණි.

නමුත් ඊයේ වන විට (15දා) පැවති යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අම්පාර සුදුවැල්ල ප්‍රදේශයේ එම

ජනතාව නැවතත් නිවෙස් කරා යැවීමට සියලු ආයතනයන්ගේ සහයේගයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට අම්පාර සහකාර ප්‍රාදේශීය  ලේකම් සමාධි අගලකොටුව මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක් විය. අම්පාර මහාවාපී විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්ස ආරක්ෂිත නිවස්නයක් ලෙස මහාවාපී විහාරය වෙන්කළ අතර, ආරක්ෂක අංශ නියෝජනය කරමින් පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේද මේ සඳහා විශේෂ සහයක් ලැබීය.

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්විම් නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025 දෙසැම්බර් මස 15 වන දින, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්‌ස මහතාගේ සහ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී, මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එම්.එම්.පී.කේ.විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සහ මහඔය ප්‍රාදේශීය ලේකම් තිලිණ වික්‍රමරත්න මහතාගේ සංවිධානයෙන් පැවති මෙම කමිටු රැස්වීම සදහා දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මුතු රත්වත්තේ මහත්මිය, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු  ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බහුජන සංවිධාන රැසක් සහභාගි විය. මෙහිදී මහඔය ප්‍රාදේශීය කොට්ඨාසයේ පවතින ජනතා ප්‍රශ්න සහ යෝජනාවන් රැසක් සාකච්ඡා කෙරිණි.

 (අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

ජයිකා (WEE) ව්‍යාපෘතිය යටතේ අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික් ව්‍යවසායිකාවන් සහ වනිතා සංවර්ධන නිළධාරීන්, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිළධාරීන් පාරිභෝගික නිති රීති හා අණ පනත් පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන.

කාන්තා ව්‍යවසායකත්වය, නායකත්වය සහ ජාලකරණය තුළින් සවිබල ගැන්වීමේ ජයිකා (WEE) ව්‍යාපෘතිය  යටතේ අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හී තෝරාගත් ව්‍යවසායිකාවන් 18දෙනකු සහ වනිතා සංවර්ධන නිළධාරීන්, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිළධාරීන් පාරිභෝගික නිති රීති හා අණ පනත් පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන 2025 ජනවාරි මස 15 වන දින  අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතාගේ ප්‍රධානත්වයෙන් රෝයල් රීච් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිළධාරි සුරේකා එදිරිසිංහ මහත්මියගේ සංවිධානයෙන් අම්පාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් ප්‍රධානී සාලින්ද බණ්ඩාර නවරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සිදුකෙරිණි.

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

Clean Sri Lanka ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන.

පාරසරික, සමාජීය හා ආචාරධර්මීය ප්‍රවේශයන් ඔස්සේ පුළුල් පරිවර්තන ක්‍රියාවලියක් හරහා දියුණු සමාජයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියත්මක කරනු ලබන Clean Sri Lanka ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025 දෙසැම්බර් මස 09 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ විමර්ශන අංශයේ ප්‍රධානි ඊ.යු.ඩි.ඩි.කේ.ඩි.ඇහැළපොල මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති අතර, මේ සඳහා අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතා, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලන්ත ද සොයිසා සිරිවර්ධන මහතා, අම්පාර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිතුමන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම්තුමන්, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, වාරිමාර්ග අධ්‍යක්ෂතුමන්, ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්තුමිය, පළාත් පාලන සහකාර කොමසාරිස් තුමන්, ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අබේලන්ද ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි ප්‍රතිලාභීනියක් උදෙසා රුපියල් හත් ලක්ෂ පනස් දහසක් වටිනා සමෘද්ධි රන්විමන නිවසක්.

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අබේලන්ද ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි ප්‍රතිලාභීනියක් උදෙසා 2024 වර්ෂයේ සමෘද්ධි රන්විමන නිවාස වැඩසටහන යටතේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක් වටිනා නිවසක් සකස් කර ප්‍රදානය කිරීම අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතාගේ ප්‍රධානත්වයෙන්  2025 ජනවාරි මස 06 වන දින සිදුකෙරිණි.

මහඔය ප්‍රාදේශීය ලේකම් තිලිණ වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙලෙස ජනතා අයිතියට පත් කිරීම සිදුකෙරුණු අතර, මේ සදහා මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බැංකු සමිති කළමණාකාරිණි මහේන්ද්‍රිකා වික්‍රමරත්න මහත්මිය, මූලස්ථාන කළමණාකරු, සමෘද්ධි බැංකු කළමණාකාර මහත්ම මහත්මින් ඇතුළු කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් රැසක් සහභාගි විය.

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

 

34වැනි අම්පාර දිස්ත්‍රික් ජාතික සමථ දින සැමරුම් උළෙල  අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (16දා) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ.අයි. වික්‍රම ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික්කයේ සමථ මණ්ඩල ස්වේච්ඡා සමථ කාරකවරුන් 600ක් පමණ සේවය කරනු ලබන අතර මෙහිදී සුවිශේෂිත්වය වන්නේ වසර 25ක් වැනි කාලයක් අඛණ්ඩව සේවය කළ සමථ කාරකවරුන් හට සේවය ඇගයීම වෙනුවෙන් සහතික පත් ප්‍රදානයක් ද සිදුකෙරිණි.

අම්පාර, මොනරාගල සමථ පුහුණුකරු වන සමන් නාරම්ගල මහතාගේ සංවිධානයෙන් පැවති මෙම සැමරුම් උළෙල සඳහා මඩකලපුව සමථ පුහුණුකරු වන එම්.එම්. අසාත් මහතා, ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ඕ.කේ ෂරීෆා මහත්මිය, අම්පාර දිස්ත්‍රික් සමථ මණ්ඩල සංවර්ධන නිළධාරීන් ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ සමථකරුවන් රැසක් මේ අවස්ථාවට සහභාගි විය.   

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

"මැතිවරණ සමයේ මාධ්‍ය නීති" ග්‍රන්ථයේ දෙමළ පරිවර්තනය ජනගත කරලීම සහ විස්ල්බ්ලොවර් ආරක්ෂණ ප්‍රතිපත්ති සංවර්ධනය පිළිබඳ පාර්ශවකරුවන් දැනුවත්කිරීමේ වැඩසටහන නීතිඥ ජගත් ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් අද දින (15දා) අම්පාර නගර සභා තානායම් පරිශ්‍රයේ දී පැවැත්විණි.


අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලංකා තරැණ සංවිධාන ජාලය(LYON), ආසියා පදනමේ ( Asia Foundation ) අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහන සදහා LYON ආයතනයේ විධායක අධ්‍යක්ෂ අරැණ ප්‍රදීප් කුමාර මහතා, වැඩසටහන් අධ්‍යක්ෂ යශෝධරා කපුගේ මහත්මිය ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් රැසක් සහභාගි විය.

 

(අම්පාර දිස්ත්රික් මාධ්ය ඒකකය)

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ අම්පාර දිස්ත්‍රික් පුහුණු වැඩසටහන අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 11 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
අම්පාර දිස්ත්‍රික් කාන්තා සංවර්ධන නිළධාරී සුරේකා එදිරිසිංහ මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම පුහුණු වැඩසටහන තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් ප්‍රචණ්ඩත්වය, සයිබර් අපරාධ සම්බන්ධයෙන් පවතින නීතිය සහ ආයතන සම්බන්ධව හා මිනිස් ජවාරම් පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් පවතින නීති සම්බන්ධයෙන් සුවිශේෂි ලෙස සාකච්ඡා කෙරිණි.
 
මෙහි සම්පත් දායකත්වය දරනු ලැබුවේ අම්පාර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ පොලිස් සැරයන් ටී.කේ. ඩී. බණ්ඩාර මහතා විසිනි. මෙම වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ   ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ඕ.කේ. ෂරීෆා මිය, ඇතුළු රාජ්‍ය නිළධාරී, අම්පාර දිස්ත්‍රික්කයේ වනිතා කටයුතු නිළධාරීන්, කාන්තා සමිති නියොජිතවරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
 
 
 
 
 
 
(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
 
ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ එක්ව අම්පාර සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ මෙහෙයවීමෙන් “සමානාත්වතාවය අරඹන්නේ නිවසෙනි”, යන තේමා පාඨය රැගත් අම්පාර දිස්ත්‍රික්  කාන්තා පා ගමන අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අම්පාර දිස්ත්‍රික් ලේකම් චිත්නක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 12 වැනි දින  ආරම්භ කෙරිණි.
 
අම්පාර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිළධාරී සුරේකා එදිරිසිංහ මහත්මිය සමඟ කරංගාව අරලිය හා නියුගුණ යසෝධරා කාන්තා කාර්ය සංවිධානය හා දිරිය වනිතා දිස්ත්‍රික් බල මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම පා ගමන සඳහා අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන්, අම්පාර දිස්ත්‍රික්කයේ සියලූම වනිතා සංවර්ධන නිළධාරීන්, කාන්තා කාර්ය සංවිධාන සහ බල මණ්ඩලයන් හී කාන්තා සමාජිකාවන් රැසක් සහභාගි විය. පා ගමන අතර, මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම් කටයුතු ද සිදුකෙරිණි.
 
 
 
 
 
 
 
 
 
 
 
(අමපාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
 
සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරන 39 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළේ දී කැටයම් සහ මුර්ති ශිල්පී අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  සේවය කළ විශ්‍රාමික කළමණාකරණ සේවා නිළධාරී උත්පල දිසානායක මහතා 2024 දෙසැම්බර් මස 12 වැනි දින  කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
 
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා ඇතුළු අම්පාර දිස්ත්‍රික් සියලු රාජ්‍ය නිළධාරීන්ගේ, කලා කරුවන්ගේ සහ අම්පාර දිස්ත්‍රික් ජනතාවගේ සුභාශිංසනය.
 
 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

 

පාරිභෝගිකයාට නිවැරදි මිණුමක් සහතික කිරීම' අරමුණු කරගනිමින් එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාව නොමඟ යවමින් අඩු බර සහිතව භාණ්ඩ අලෙවි කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණ කොට්ඨාසයේ වෙළදුන්ගේ තරාදි පරීක්ෂාවට ලක් කිරීම මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කෙරිණි.

එහිදී ඇතැම් වෙළෙදුන්ගේ වැරදි සහගත කිරුම් උපකරණ පවතින බවට නිරීක්‍ෂණය කළ බවත් ඒවා නිවැරදි කර ගැනීමට උපදෙස් ලබා දීම සිදුකෙරිණි.

එළඹෙන උත්සව සමයේදී අම්පාර දිස්ත්‍රික්කය තුළ මෙවැනි පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදු කරන බවත් පාරිභෝගිකයා ඉල්ලන ප්‍රමාණයට සාධාරණ භාණ්ඩ ප්‍රමාණයක් ලැබෙන බව සහතික කිරීම, කිරුම් හා මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ වගකීම බවත් අම්පාර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති සේවා සහකාර අධිකාරි වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කෙරිණි. මෙහිදී වෙළඳසැල් 450ක් පමණ පරීක්ෂා කිරීම සිදුකෙරිණි.

මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ මිනුම් ප්‍රමිති සේවා උපක්‍රම පරීක්ෂක ජේ.එස්. අබේසේකර මහතා, මිනුම් ප්‍රමිති සේවා උපක්‍රම ඩී.එම්.එස්. දිසානායක මහතා, මිනුම් ප්‍රමිති සේවා සහායක එන්.ජී.එස්. දිල්ශාන් මහතා, මිනුම් ප්‍රමිති සේවා සහායක ඒ. අර්සාත් මහතා සහභාගි විය. 

 

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

සුගිය දිනයන්හී අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ රුහුණුගම ගොවි සංවිධානයට අයත් වාරි ස්ථානයන් අළුත්වැඩියා කිරිමේ ශ්‍රමදාන කාර්යයක් ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දින (2024 දෙසැම්බර් 09 ) පැවැත්වූ අතර, එහි මූලිකත්වය ගෙන කටයුතු කල, වම්ඉවුර ගොවි සංවිධානගේ සභාපති ආනන්ද මහතාට එහිදි එම ස්ථානයට පැමිණි කිසියම් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල් ගතවිමට සිදුවිය.

අද උදැසන(10) ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා ,අම්පාර රෝහල වෙත ගිය අතර,සමාජ වගකීම් උදෙසා මෙලෙස මහජනතාවගේ සහභාගීත්ව, මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියා හේතුවෙන් අකර්මණ්‍ය වියහැකි බැවින් ඊයේ දින ඇතිවූ පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්තුමා විසින් එහිදි, අම්පාර නියෝජ්‍ය පොලිස්පති හා කොට්ඨාශ භාර පොලිස් අධිකාරි දැනුවත් කරන ලදි.   

අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර්, සම්මන්තුර, කාර්තිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ගංවතුර ආපදා තත්ත්වයෙන් හානියටපත් වූ ප්‍රධාන මාර්ග, බෝක්කු හා පාලම් ආදිය නිරික්‍ෂණය හා පිලිසකර කිරිම් පරික්‍ෂාව 2024 දෙසැම්බර් මස 07 සහ 08 යන දෙදින අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙම කාර්යය සඳහා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ,ඉංජිනේරු අල්ලියාර් මහතා සහ ප්‍රධාන ඉංජිනේරුවන්ද සහභාගි විය.














 

 

නොවැම්බර් මස 26වැනි දින ඇති වු අධික වැසි හා ගංවතුර ආපදා තත්ත්වයෙන් දිවි අහිමි වු පුද්ගලයින් සිහිකිරීම උදෙසා සර්ව ආගමික වතාවත් සිදුකිරීම අම්පාර දිස්ත්‍රික් ලේකම් චිින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (‍දෙසැම්බර් මස 08 වැනිදා) කාරතිව් අම්මාන් කෝවිල් පරිශ්‍රයේ දී පැවැතිවිණි.

අම්පාර දිස්ත්‍රික් හින්දු උපදේශකවරුන්ගේ සංගමය විසින් සංවිධානය කළ  මෙම සර්ව ආගමික වතාවත් සිදුකිරීම සඳහා දීඝවාපී පරිවාර චෛත්‍යෙය් රජමහා විහාරාධිපති නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පෝද්දි වෙල ශ්‍රී චන්ද්‍රානන්ද නායක හිමිපානන් වහන්ස, දීඝවාපී රජමහා විහාරාධිපති මහඔය සෝභිත නා හිමිපානන් වහන්සේ, අම්පාර මණ්ඩල මහා විහාරාධිපති ,විද්‍යා ශාස්ත්‍ර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, සමථමූල මණ්ඩල සමතකරු, මුලු දිවයිනටම සාම විනිසුරු, නැගෙනහිර පලාත් උපප්‍රධාන  සංඝනායක  සුහදගම සීලරතන නායක ස්වාමීන් වහන්සේගේ, බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය දීඝවාපීයේ සුසීම හිමිපානන් වහන්සේ ඇතුළු ගෞරවණීය සංඝරත්නය, හින්දු පුජකතුමන්ලා, මවුලවිතුමන්ලා සහ ක්‍රිස්තියානි පුජකවරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

කාරතිව් මාවඩිපල්ලි ආශ්‍රිතව ළමයින් රැගත් ට්‍රැක්ටර් රථය පෙරළි ජිවිත අහිමි වු සිදුවීම ඇතුළු සමස්ත දිවයිනේම ආපදාවට ලක් වුවන් සිහිකිරීම උදෙසා පැවති මෙය පැවැත්විණි. මේ සඳහා  අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආදම්බාවා මහතා, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතා ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි විය.

බහු වාර්ගික හා බහු ආගමික දිස්ත්‍රික්කයක් වශයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනයා අතර පවතින අනවබෝධය අවම කරමින් සංහිදියාව ඇති කරලීම උදෙසා අම්පාර දිස්ත්‍රික් හින්දු සංසඳය පිහිටවනු ලැබීය. ජාතියක්ව ඉදිරියට යාමටත් අනෙකාගේ සහවේදනය හදුනාගැනීම තුළින් කටයුතු කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

 

අම්පාර දිස්ත්‍රික්කයේ සිදුව ඇති ආපදා තත්ත්වයට කඩිනම් විසදුම් ගැනීම උදෙසා පැවති මෙම සාකච්ඡාව ග්‍රාමීය සංවර්ධන සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ග්‍රාමීය සංවර්ධන සහ සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී නොවැම්බර් 28දා පැවැත්විණි.

දිස්තික්කයේ සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ රාජ්‍ය අංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි විය.
පැවැති වර්ෂාවත් සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ සිදුවු හානි පිලිබද සාකච්ඡා කරනු ලැබු අතර එම අවස්ථාවට අම්පාර  දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා සහ ප්‍රාදේශීය ලෙක්ම් වරුන් ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරින් රැසක් එක්විය.
මෙහිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින ආපදා තත්ත්වය පිලිබදව ප්‍රාදේශීය ලේකම් වරුන් තොරතුරු අනාවරණය කල අතර ග්‍රාමීය වශයෙන් එම ප්‍රාදේශීය සිවිල් නියෝජිතයන්ද මෙහි තොරතුරු අනාවරණය කරන ලදී. ඒ අනුව ගං වතුරින් විනාශ වු නිවාස සහන කදවුරු වල සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ නැවත ඔවුන් පදිංචි කරවිමෙදී නිවාස වල තත්ත්වය පිලිබද , කෘෂි බිම් , ග්‍රාමීය මාර්ග , විදුලිය විසන්දිවිම් , වන අලින් රංචු වශයෙන් ගං වතුර හේතුවෙන් ගම්මාන ආසන්නව රැදි සිටිම, පිලිබද අවදානය යොමු කරන ලදී.
 
 
 
 
 
 
 
 
 
(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය )

කාර්තිව් පොලිස් වසමේදී නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය වූ පිරිමි ළමුන් 11 දෙනෙකු රැගත් ට්‍රැක්ටර් රථයක් ගංවතුර හේතුවෙන් කාර්තිව් බස් නැවතුම්පොල ආසන්නයේ පිහිටි පාලම අසලින් පෙරළි ගොස් තිබුණේ නොවැම්බර් 26 දිනයේය.

මෙම අනතුරින් ළමුන් 06 දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු හා ඔහු සමඟ ගමන් කළ තවත් පුද්ගලයෙකු ගංවතුරට ගසා ගෙන ගොස් තිබු අතර මේ වන විට ඔවුගේ මෘතදේහ සොයා ගෙන තිබේ. එයින් ළමුන් 05 දෙනෙකු දිවි බේරාගෙන ඇත.

මෙම අතුරුදහන් වූ ළමුන් අවුරුදු 12 ත් 16 ත් අතර වයස්වල පසුවන සමන්තුරය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මොවුන් නින්දවූර් මද්‍රසා පාසලේ සිට නිවෙස් බලා ට්‍රැක්ටර් රථයෙන් ගමන් කරමින් සිටියදී, ගංවතුර හේතුවෙන් මෙම අනතුරට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය පරික්ෂා කරමින් ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදු කිරීමට නොවැම්බර් 27 වන දින  අම්පාර මහ දිසාපති චින්තක අබේවික්‍රම මහතා කටයුතු කරණු ලැබීය. මෙම අවස්ථාව සදහා අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.ජෙගරාජන් මහතා, සම්මන්තුර ප්‍රාදේශීය ලේකම්තුමන් සහ ආරක්ෂක අංශ සහභාගි විය.

 

 

 

 

 

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය )

 

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව පරිපාලන නිළධාරීතුමිය ලෙස ශ්‍රියානි පද්මලතා මහත්මිය 2024 ජූලි මස 01 වන දින  සුභ මොහොතින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කෙරිණි.

( අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

තොරතුරු පනත පිළිබඳ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම අම්පාර මහ දිසාපති චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් 2024 ජුනි 18දා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ.අයි. වික්‍රම ශාලාවේ දී පැවැත්විණි.

තොරතුරු පනත පිළිබඳ හා ප්‍රගාමී තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් පවතින රාජ්‍ය ආයතනයන් හී සේවය කරනු ලබන නම්කළ නිළධාන්  සහ තොරතුරු නිළධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන මෙලෙස පැවැත්විණි.

( අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

ආබාධ සහිත පුද්ගලයින්ට සාමාන්‍ය පුරවැසියන් ලෙස ආර්ථික වශයෙන් සවිබලගැන්වීමට හැකි අන්තර්කරණ සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ආර්ථික සංවර්ධනය උදෙසා සමාජ අන්තර්කරණය(ISED) සහ කුඩා පවුල් ව්‍යාපාර ඒකක ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඔස්සේ ඩච් ලංකා මිත්‍රත්ව පදනම මෙහෙයවීමෙන් අම්පාර මහ දිසාපති චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවාය උපකරණ ප්‍රදානය කිරීම 2024 ජුනි මස 18දා සිදුකෙරිණි.

වයස අවුරුදු 18-40 අතර කායික ආබාධ සහිත පුද්ගලයින්ගේ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිලාභීන්ට අවශ්‍ය රුපියල් ලක්ෂ දෙකක වටිනාකමින් යුතු උපකරණ බෙදාදීමේ වැඩසටහනෙහි දෙවන අදියර, මෙලෙස  ඩච් ලංකා ආයතන පරිශ්‍රයේ දී  පැවැත් වු අතර,  ඒ සඳහා අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක ඉර්ෆාන් මහතා, ISED ව්‍යාපෘති කළමනාකරු සී නන්දකුමාර් මහතා ඇතුලු කාර්ය මණ්ඩලය සහ ප්‍රතිලාභීන්ගේ රැසක් සහභාගි විය.

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය)

 

අම්පාර දිස්ත්‍රික් අර්ධ වාර්ෂික සඟරා එළිදැක්ම අම්පාර  මහ දිසාපති චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 27දා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශාලාවේ දී සිදුකෙරිණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සහ ඉස්ලාමික් රිලීෆ් ආයතනයේ මුල්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරුණු මෙම උළෙලේ දී අම්පාර දිස්ත්‍රික් ආයතන ප්‍රධානීන්නට සහ රාජ්‍ය නිළධාරීන්ට මෙම සඟරාව එළිදැක්වු අතර, මෙහි අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධනාත්ම පුවත්, ජාතික වශයෙන් වැදගත් වැඩසටහන්, ඒ ඒ ක්ෂේත්‍රයන්ට ප්‍රවීණ වු පුවත්, සාහිත්‍යමය පුවත්, විශේෂාංග ලිපි වලින් සමන්විතය.

මෙම සඟරා එළිදැක්මේ උළෙල සඳහා අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලන්ත ද සොයිසා මහතා, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතා, අම්පාර දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරිතුමන්, අම්පාර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන්, අම්පාර දිස්ත්‍රික්කයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරිතුමන්, අම්පාර දිස්ත්‍රික් නියොජ්‍ය සැලසුම් අධ්‍යක්ෂතුමන්, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අඩවි වන නිළධාරිතුමන්  ඇතුළු මාණ්ඩලික නිළධාරීන්, ක්ෂේත්‍ර නිළධාරින් හා රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.

 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය)

 

 

 

  

 

 

 

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ 25වැනි දිසාපතිවරයා ලෙස ලෙස චින්තක අබේවික්‍රම මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ 2023 ජූලි 10 වැනි දින  සිය ධූරයේ රාජකාරී ආරම්භ කෙරිණි.

අතිරේක දිස්ත්‍රික් ලේකම් වී. ජෙගදීසන් මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් විමංස සෙනවිරත්න මහතා, සමෘද්ධි අධ්‍යක්ෂ, ප්‍රධාන ගණකාධිකාරී, ගණකාධීකාරී, විගණන ප්‍රධානී, සංඛ්‍යාලේකනඥ, වැඩබලන සැලසුම් අධ්‍යක්ෂ එච්. බී. අනීස් මහතා, අම්පාර දිස්ත්‍රික්කයේ සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම සුබ මොහොත සඳහා සහභාගී විය.  

( ෂෙහානි දිල්රුක්ෂිකා  - අම්පාර දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය )

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 නව වර්ෂයේ ආරම්භය, අම්පාර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 02 වැනි දින සර්ව ආගමික වතාවත් වලින් පසුව ආරම්භ කෙරිණි.

එය සංකේතවත් කරමින් කාර්යාල පරිශ්‍රයේදී අඹ පැළයක් රෝපණය කිරීම දිසාපති ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙම උත්සවය අවස්ථාව සඳහා ස්වාමින් වහන්සේලා ඇතුළු සර්ව ආගමික නායකයන් ,අතිරේක දිස්ත්‍රික් ලේකම් වී.ජෙගදීසන් මහතා,අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලන්ත ද සොයිසා මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් විමංස සෙනවිරත්න මහතා, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ,දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ,සහකාර මැතිවරණ කොමසාරිස්,සැලසුම් අධ්‍යක්‍ෂ (වැ.බ.) , ගණකාධිකාරි,ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා අංශ ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෙසු නිලධාරීන් රැසක්ද සහභාගී විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ෂෙහානි දිල්රුක්ෂීකා  | අම්පාර දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය)