පාරිභෝගිකයාට නිවැරදි මිණුමක් සහතික කිරීම' අරමුණු කරගනිමින් එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාව නොමඟ යවමින් අඩු බර සහිතව භාණ්ඩ අලෙවි කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණ කොට්ඨාසයේ වෙළදුන්ගේ තරාදි පරීක්ෂාවට ලක් කිරීම මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කෙරිණි.
එහිදී ඇතැම් වෙළෙදුන්ගේ වැරදි සහගත කිරුම් උපකරණ පවතින බවට නිරීක්ෂණය කළ බවත් ඒවා නිවැරදි කර ගැනීමට උපදෙස් ලබා දීම සිදුකෙරිණි.
එළඹෙන උත්සව සමයේදී අම්පාර දිස්ත්‍රික්කය තුළ මෙවැනි පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදු කරන බවත් පාරිභෝගිකයා ඉල්ලන ප්‍රමාණයට සාධාරණ භාණ්ඩ ප්‍රමාණයක් ලැබෙන බව සහතික කිරීම, කිරුම් හා මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ වගකීම බවත් අම්පාර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති සේවා සහකාර අධිකාරි වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කෙරිණි. මෙහිදී වෙළඳසැල් 450ක් පමණ පරීක්ෂා කිරීම සිදුකෙරිණි.
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ මිනුම් ප්‍රමිති සේවා උපක්‍රම පරීක්ෂක ජේ.එස්. අබේසේකර මහතා, මිනුම් ප්‍රමිති සේවා උපක්‍රම ඩී.එම්.එස්. දිසානායක මහතා, මිනුම් ප්‍රමිති සේවා සහායක එන්.ජී.එස්. දිල්ශාන් මහතා, මිනුම් ප්‍රමිති සේවා සහායක ඒ. අර්සාත් මහතා සහභාගි විය.




(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)





