පසුගිය දිනයන්හී අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ රුහුණුගම ගොවි සංවිධානයට අයත් වාරි ස්ථානයන් අළුත්වැඩියා කිරිමේ ශ්‍රමදාන කාර්යයක් ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දින (2024 දෙසැම්බර් 09 ) පැවැත්වූ අතර, එහි මූලිකත්වය ගෙන කටයුතු කල, වම්ඉවුර ගොවි සංවිධානගේ සභාපති ආනන්ද මහතාට එහිදි එම ස්ථානයට පැමිණි කිසියම් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල් ගතවිමට සිදුවිය.
අද උදැසන(10) ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා ,අම්පාර රෝහල වෙත ගිය අතර,සමාජ වගකීම් උදෙසා මෙලෙස මහජනතාවගේ සහභාගීත්ව, මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියා හේතුවෙන් අකර්මණ්‍ය වියහැකි බැවින් ඊයේ දින ඇතිවූ පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්තුමා විසින් එහිදි, අම්පාර නියෝජ්‍ය පොලිස්පති හා කොට්ඨාශ භාර පොලිස් අධිකාරි දැනුවත් කරන ලදි.






