අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමඟ විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යාතුමන් ප්‍රධානත්වයෙන්.
අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමඟ විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 19 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සහතික වී මිළ පිළිබඳ එහිදී සාකච්ඡා කළ අතර, විශේෂයෙන් 30%ක විදුලිබිල අඩු කිරීම පිළිබඳ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් මෝල් හිමියන්ගෙන් අදහස් වීමසීම සිදුකෙරිණි. මීට අමතරව මෝල් ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධවද සාකච්ඡා කළ අතර, හැකි ඉක්මනින් සහතික වී මිළක් ලබා දෙන ලෙස එහිදි මෝල් හිමියන් නියෝජ්‍ය අමාත්‍යතුමන්ගෙන් ඉල්ලීම් කලේය.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සංවිධානයෙන් පැවති මෙම සාකච්ඡාව සදහා දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා, දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. පි. කේ. විජේරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආදම්බාවා මහතා, අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂතුමන්, ප්‍රධාන ගණකාධිකාරිතුමන්, වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයින්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිළධාරීන් සහ වී මෝල් හිමියන් රැසක් සහභාගි විය.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)





