District Secretary

Mr. Anupama Mangala Wickramarachchi
District Secretary
Telephone : +94 63 2222206
Fax : +94 63 2222130
Email Address : distsecampara@gmail.com
Government Service Centers
උත්සව සමයේ කල්මුණ කොට්ඨාසයේ වෙළදුන්ගේ තරාදි මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් ඒකකයෙන් පරික්ෂාවට.
පාරිභෝගිකයාට නිවැරදි මිණුමක් සහතික කිරීම' අරමුණු කරගනිමින් එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාව නොමඟ යවමින් අඩු බර සහිතව භාණ්ඩ අලෙවි කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණ කොට්ඨාසයේ වෙළදුන්ගේ තරාදි පරීක්ෂාවට ලක් කිරීම මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කෙරිණි.
එහිදී ඇතැම් වෙළෙදුන්ගේ වැරදි සහගත කිරුම් උපකරණ පවතින බවට නිරීක්ෂණය කළ බවත් ඒවා නිවැරදි කර ගැනීමට උපදෙස් ලබා දීම සිදුකෙරිණි.
එළඹෙන උත්සව සමයේදී අම්පාර දිස්ත්‍රික්කය තුළ මෙවැනි පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදු කරන බවත් පාරිභෝගිකයා ඉල්ලන ප්‍රමාණයට සාධාරණ භාණ්ඩ ප්‍රමාණයක් ලැබෙන බව සහතික කිරීම, කිරුම් හා මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ වගකීම බවත් අම්පාර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති සේවා සහකාර අධිකාරි වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කෙරිණි. මෙහිදී වෙළඳසැල් 450ක් පමණ පරීක්ෂා කිරීම සිදුකෙරිණි.
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ මිනුම් ප්‍රමිති සේවා උපක්‍රම පරීක්ෂක ජේ.එස්. අබේසේකර මහතා, මිනුම් ප්‍රමිති සේවා උපක්‍රම ඩී.එම්.එස්. දිසානායක මහතා, මිනුම් ප්‍රමිති සේවා සහායක එන්.ජී.එස්. දිල්ශාන් මහතා, මිනුම් ප්‍රමිති සේවා සහායක ඒ. අර්සාත් මහතා සහභාගි විය.




(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
වම්ඉවුර ගොවි සංවිධාන සභාපති ආනන්ද මහතාගේ සුවදුක් බැලීමට දිස්ත්‍රික් ලේකම්තුමා අම්පාර රෝහල වෙත යයි.
පසුගිය දිනයන්හී අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ රුහුණුගම ගොවි සංවිධානයට අයත් වාරි ස්ථානයන් අළුත්වැඩියා කිරිමේ ශ්‍රමදාන කාර්යයක් ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දින (2024 දෙසැම්බර් 09 ) පැවැත්වූ අතර, එහි මූලිකත්වය ගෙන කටයුතු කල, වම්ඉවුර ගොවි සංවිධානගේ සභාපති ආනන්ද මහතාට එහිදි එම ස්ථානයට පැමිණි කිසියම් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල් ගතවිමට සිදුවිය.
අද උදැසන(10) ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා ,අම්පාර රෝහල වෙත ගිය අතර,සමාජ වගකීම් උදෙසා මෙලෙස මහජනතාවගේ සහභාගීත්ව, මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියා හේතුවෙන් අකර්මණ්‍ය වියහැකි බැවින් ඊයේ දින ඇතිවූ පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්තුමා විසින් එහිදි, අම්පාර නියෝජ්‍ය පොලිස්පති හා කොට්ඨාශ භාර පොලිස් අධිකාරි දැනුවත් කරන ලදි.

ගංවතුර ආපදා තත්ත්වයෙන් හානියටපත් වු ස්ථාන නිරීක්ෂණය හා පිලිසකර කිරීම් පරික්ෂා කිරීම අම්පාර දිස්ත්‍රික් ලේකම් ප්‍රධානත්වයෙන්
අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර්, සම්මන්තුර, කාර්තිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ගංවතුර ආපදා තත්ත්වයෙන් හානියටපත් වූ ප්‍රධාන මාර්ග, බෝක්කු හා පාලම් ආදිය නිරික්ෂණය හා පිලිසකර කිරිම් පරික්ෂාව 2024 දෙසැම්බර් මස 07 සහ 08 යන දෙදින අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙම කාර්යය සඳහා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ,ඉංජිනේරු අල්ලියාර් මහතා සහ ප්‍රධාන ඉංජිනේරුවන්ද සහභාගි විය. 







අධික වැසි හා ගංවතුර ආපදා තත්ත්වයෙන් දිවි අහිමි වු පුද්ගලයින් සිහිකිරීම උදෙසා සර්ව ආගමික වැඩසටහන.
නොවැම්බර් මස 26වැනි දින ඇති වු අධික වැසි හා ගංවතුර ආපදා තත්ත්වයෙන් දිවි අහිමි වු පුද්ගලයින් සිහිකිරීම උදෙසා සර්ව ආගමික වතාවත් සිදුකිරීම අම්පාර දිස්ත්‍රික් ලේකම් චිින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (දෙසැම්බර් මස 08 වැනිදා) කාරතිව් අම්මාන් කෝවිල් පරිශ්‍රයේ දී පැවැතිවිණි.
අම්පාර දිස්ත්‍රික් හින්දු උපදේශකවරුන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම සර්ව ආගමික වතාවත් සිදුකිරීම සඳහා දීඝවාපී පරිවාර චෛත්‍යෙය් රජමහා විහාරාධිපති නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පෝද්දි වෙල ශ්‍රී චන්ද්‍රානන්ද නායක හිමිපානන් වහන්ස, දීඝවාපී රජමහා විහාරාධිපති මහඔය සෝභිත නා හිමිපානන් වහන්සේ, අම්පාර මණ්ඩල මහා විහාරාධිපති ,විද්‍යා ශාස්ත්‍ර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, සමථමූල මණ්ඩල සමතකරු, මුලු දිවයිනටම සාම විනිසුරු, නැගෙනහිර පලාත් උපප්‍රධාන සංඝනායක සුහදගම සීලරතන නායක ස්වාමීන් වහන්සේගේ, බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය දීඝවාපීයේ සුසීම හිමිපානන් වහන්සේ ඇතුළු ගෞරවණීය සංඝරත්නය, හින්දු පුජකතුමන්ලා, මවුලවිතුමන්ලා සහ ක්‍රිස්තියානි පුජකවරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.
කාරතිව් මාවඩිපල්ලි ආශ්‍රිතව ළමයින් රැගත් ට්‍රැක්ටර් රථය පෙරළි ජිවිත අහිමි වු සිදුවීම ඇතුළු සමස්ත දිවයිනේම ආපදාවට ලක් වුවන් සිහිකිරීම උදෙසා පැවති මෙය පැවැත්විණි. මේ සඳහා අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආදම්බාවා මහතා, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතා ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි විය.
බහු වාර්ගික හා බහු ආගමික දිස්ත්‍රික්කයක් වශයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනයා අතර පවතින අනවබෝධය අවම කරමින් සංහිදියාව ඇති කරලීම උදෙසා අම්පාර දිස්ත්‍රික් හින්දු සංසඳය පිහිටවනු ලැබීය. ජාතියක්ව ඉදිරියට යාමටත් අනෙකාගේ සහවේදනය හදුනාගැනීම තුළින් කටයුතු කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.























(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)











