දිස්ත්‍රික් ලේකම්
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම දෙවන අදියර සංගණන කටයුතු අම්පාර දිස්ත්‍රික් ලේකම් ප්‍රධානත්වයෙන්.
නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරුක්කල්මුණි 01 ග්‍රාමයෙන් 2025 ජනවාරි මස 21 දින ආරම්භ කෙරිණි. අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියර සාර්ථක කර ගැනීම සඳහා පියවර ගණනාවක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හදුන්වාදුන් අතර, එහි අවසන් පියවර ලෙස අස්වැසුම ප්රතිලාභ සඳහා අයදුම්පත් යොමුකර ඇති අයගේ නිවෙස් වෙත ගොස් තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලිය ජනවාරි 21 සිට ජනවාරි 31දක්වා ක්‍රියාත්මක කෙරේ.
අම්පාර දිස්ත්‍රික්කයේ එහි සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් රැසක මෙම ක්‍රියාවලිය ආරම්භ වු අතර, නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් ආර්. රහුලානහි මහත්මියගේ සංවිධානයෙන් නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ වු මෙම වැඩසටහන සඳහා අම්පාර නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂ එච්.බී. අනීස් මහතා, නාවිදන්වේලි සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
අම්පාර දිස්ත්‍රික්කයේ පවතින කෘෂිකාර්මික සහ ගොවි ගැටලු පිළිබද විශේෂ සාකච්ජාව
අම්පාර දිස්ත්‍රික්කයේ පවතින කෘෂිකාර්මික සහ ගොවි ගැටලු පිළිබද විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීම නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්.
අම්පාර දිස්ත්‍රික්කයේ පවතින කෘෂිකාර්මික සහ ගොවි ගැටලු පිළිබද විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 19 වැනි දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පස හදුනාගනිමින්, කෘෂිකර්ම ක්ෂේත්රයේ නිළධාරීන්ගේ දැනුම ද භාවිතා කරමින්, තාක්ෂණීය ක්‍රම භාවිතා කරමින් පොහොර ලබා දීම, තාක්ෂණික වගා ක්‍රම ඇරඹිම තුළින් වැඩි අස්වැන්නක් ලබා දීමට හැකි කෘෂිකර්මාන්තයක් ආරම්භ කල යුතුබව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කෙරිණි.
මීට අමතරව පොහොර සහනාදාරය, වී මිල පිලිබද සහ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ නිෂ්පාදන වියදම, අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩා 41ක යලි සකස් කර අස්වැන්න ලබා ගැනීමට සුදානම් කිරීම, කෘෂි වන්දි, ගංවතුරෙන් කුඹුරු වල ගොඩ ගසා ඇති වැලි ඉවත් කිරීම යනාදී කරුණු කාරණා පිළිබදව ද සාකච්ඡා කෙරිණි. මේ වන විට සේනනායක සමුද්‍රයේ ජල මට්ට්ම අඩි 106.6 උස්ව පවතින බැවින් වාන් දොරටු 05ක් මගින් අගල් 15 බැගින් ජලය ගල්ඔය ගග හරහා මුදා හරින නිසා පහත් බිම් වල ජනතාව සහ ගොවීන්ට ආරක්ෂාකාරීව සිටින ලෙස අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ප්‍රකාශ කළේය. අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සංවිධානයෙන් පැවති මෙම සාකච්ඡාව සදහා දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා, දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. පි. කේ. විජේරත්න මහතා, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආදම්බාවා මහතා, අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂතුමන් , ප්‍රධාන ගණකාධිකාරිතුමන්,අම්පාර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්යක්ෂතුමන්, වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයින්, කෘෂිකර්ම ක්ෂේත්රයේ නිළධාරීන් , වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් සහ ගොවි සංවිධානය නියෝජිතයින් රැසක් සහභාගි විය.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමඟ විශේෂ සාකච්ජාව
අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමඟ විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්යාතුමන් ප්‍රධානත්වයෙන්.
අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමඟ විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 19 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සහතික වී මිළ පිළිබඳ එහිදී සාකච්ඡා කළ අතර, විශේෂයෙන් 30%ක විදුලිබිල අඩු කිරීම පිළිබඳ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් මෝල් හිමියන්ගෙන් අදහස් වීමසීම සිදුකෙරිණි. මීට අමතරව මෝල් ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධවද සාකච්ඡා කළ අතර, හැකි ඉක්මනින් සහතික වී මිළක් ලබා දෙන ලෙස එහිදි මෝල් හිමියන් නියෝජ්‍ය අමාත්‍යතුමන්ගෙන් ඉල්ලීම් කලේය.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සංවිධානයෙන් පැවති මෙම සාකච්ඡාව සදහා දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා, දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. පි. කේ. විජේරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආදම්බාවා මහතා, අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂතුමන්, ප්‍රධාන ගණකාධිකාරිතුමන්, වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයින්, කෘෂිකර්ම ක්ෂේත්රයේ නිළධාරීන් සහ වී මෝල් හිමියන් රැසක් සහභාගි විය.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
අම්පාර, මොණරාගල දිස්ත්‍රික් කාන්තා ව්‍යවසායිකාවන් සහ වනිතා සංවර්ධන නිළධාරින් උදෙසා එක් දින පුහුණු වැඩමුළුව.
අම්පාර, මොණරාගල දිස්ත්‍රික් කාන්තා ව්‍යවසායිකාවන් සහ වනිතා සංවර්ධන නිළධාරින් උදෙසා අපනයනය ඉලක්කකරගත් වෙළදපොල පිළිබද එක් දින පුහුණු වැඩමුළුව.
ජයිකා WEE ව්‍යාපෘතිය යටතේ අම්පාර, මොණරාගල දිස්ත්‍රික් කාන්තා ව්‍යවසායිකාවන් සහ වනිතා සංවර්ධන නිළධාරින් උදෙසා අපනයනය ඉලක්කකරගත් වෙළදපොල පිළිබද එක් දින පුහුණු වැඩමුළුවක් අම්පාර රෝයල් රීච් හෝටල් පරිශ්‍රයේ දී ඊයේ දින (17දා) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්යක්ෂ එම්.එස්.එම්.ෆාහීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අපනයනයේ දී ඉලක්කගත වෙළඳපොල, අපනයනයේ දී තෝරාගත යුතු නිවැරදිම නිෂ්පාදනය, ලේබල්කරණය, නව්‍යකරණය පිළිබඳ මෙහිදී මෙම නිළධාරීන් සහ කාන්තා ව්‍යවසායිකාවන් පිළිබඳ දැනුවත් කරන ලදි.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)













