අම්පාර දිස්ත්‍රික් අස්වැසුම දෙවන අදියර සංගණන කටයුතු අම්පාර දිස්ත්‍රික් ලේකම් ප්‍රධානත්වයෙන් ඉන්ද්‍රසාරපුර ප්‍රදේශයෙන් අරඹයි.
අම්පාර දිස්ත්‍රික් අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්ද්‍රසාරපුර ප්‍රදේශයෙන් 2025 ජනවාරි මස 21වැනි දින ආරම්භ කෙරිණි. අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියර සාර්ථක කර ගැනීම සඳහා පියවර ගණනාවක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හදුන්වාදුන් අතර, එහි අවසන් පියවර ලෙස අස්වැසුම ප්රතිලාභ සඳහා අයදුම්පත් යොමුකර ඇති අයගේ නිවෙස් වෙත ගොස් තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලිය ජනවාරි 21 සිට ජනවාරි 31දක්වා ක්‍රියාත්මක කෙරේ.
අම්පාර දිස්ත්‍රික්කයේ එහි සමාරම්භය සනිටුහන් කරමින් අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න මහතාගේ සංවිධානයෙන් අම්පාර ඉන්ද්‍රසාරපුර ප්‍රදේශයෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ කළ අතර, මෙම අවස්ථාව සඳහා අම්පාර නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂ එච්.බී. අනීස් මහතා, අම්පාර සහකාර ප්‍රාදේශීය ලේකම් සමාධි අගලකොටුව මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.






(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)





