රාජ්‍ය දත්ත තොරතුරු, පරිගණක ජාල පද්ධතීන් සහ යෙදවුම්, සයිබර් ප්රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීමේ වැඩසටහන.
රාජ්‍ය දත්ත තොරතුරු, පරිගණක ජාල පද්ධතීන් සහ යෙදවුම්, සයිබර් ප්රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීමේ වැඩසටහන අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලන්ත ද සොයිසා සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 31 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි.වික්‍රම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනේදී රාජ්‍ය ආයතනයන්හී දත්ත පද්ධතීන් ආරක්ෂණය පිළිබඳව පුළුල්ව සාකච්ඡා වු අතර ඒ සඳහා වැඩසටහන තුලදී විශේෂ සැසි කිහියක් පැවැත්වීමට වැඩසටහන මෙහෙය වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් කටයුතු කරනු ලැබීය.
මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.එම් මුනාසීර් මහතා, ප්‍රධාන ගණකාධිකාරි ඒ.එල්.මහරුෆ් මහතා, ප්‍රධාන ඉංජිනේරු ඒ.එම්.සාහීර් මහතා,අම්පාර සහකාර දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්,ගණකාධිකාරිවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාන්හී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාරවරුන් ඇතුළුව දිස්ත්‍රික්කයේ සෙසු රාජ්‍ය ආයතන නියෝජනය කිරිමෙන් රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි විය.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය තොරතුරු තාක්ෂණ අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.








(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)





