අම්පාර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ අම්පාර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන් ප්‍රධානත්වයෙන්.
අම්පාර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025 ජනවාරි මස 28 වන දින ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්ස මහතාගේ සහ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි , අම්පාර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සහ අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න මහතාගේ සංවිධානයෙන් පැවති මෙම කමිටු රැස්වීම සදහා නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස දාස ගලප්පත්ති මහතා, අම්පාර සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමිය සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් සහ බහුජන සංවිධාන රැසක් සහභාගි විය. මෙහිදී අම්පාර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවතින ගැටලු ඇතුළුව ජනතා ප්‍රශ්න සහ යෝජනාවන් රැසක් සාකච්ඡා කෙරිණි.
ඒ අනුව අම්පාර නගර සභාව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීම එහිදී සිදු කෙරුණු අතර, ඒ අතර අම්පාර මහජන උද්‍යානයේ වැඩ නිම කිරීම, අම්පාර නගර සභා සීමාව තුළ පිහිටි වීදි පහන් නඩත්තු කිරීම සහ සැපයීම, අම්පාර බස් නැවතුම් පොල වැඩිදියුණු කිරීම ආදිය ද වේ.








(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)





