අම්පාර දිස්ත්‍රික්කයේ පවතින කෘෂිකාර්මික සහ ගොවි ගැටලු පිළිබද විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීම නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්.
අම්පාර දිස්ත්‍රික්කයේ පවතින කෘෂිකාර්මික සහ ගොවි ගැටලු පිළිබද විශේෂ සාකච්ජාව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 19 වැනි දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පස හදුනාගනිමින්, කෘෂිකර්ම ක්ෂේත්රයේ නිළධාරීන්ගේ දැනුම ද භාවිතා කරමින්, තාක්ෂණීය ක්‍රම භාවිතා කරමින් පොහොර ලබා දීම, තාක්ෂණික වගා ක්‍රම ඇරඹිම තුළින් වැඩි අස්වැන්නක් ලබා දීමට හැකි කෘෂිකර්මාන්තයක් ආරම්භ කල යුතුබව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කෙරිණි.
මීට අමතරව පොහොර සහනාදාරය, වී මිල පිලිබද සහ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ නිෂ්පාදන වියදම, අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩා 41ක යලි සකස් කර අස්වැන්න ලබා ගැනීමට සුදානම් කිරීම, කෘෂි වන්දි, ගංවතුරෙන් කුඹුරු වල ගොඩ ගසා ඇති වැලි ඉවත් කිරීම යනාදී කරුණු කාරණා පිළිබදව ද සාකච්ඡා කෙරිණි. මේ වන විට සේනනායක සමුද්‍රයේ ජල මට්ට්ම අඩි 106.6 උස්ව පවතින බැවින් වාන් දොරටු 05ක් මගින් අගල් 15 බැගින් ජලය ගල්ඔය ගග හරහා මුදා හරින නිසා පහත් බිම් වල ජනතාව සහ ගොවීන්ට ආරක්ෂාකාරීව සිටින ලෙස අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ප්‍රකාශ කළේය. අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සංවිධානයෙන් පැවති මෙම සාකච්ඡාව සදහා දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා, දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. පි. කේ. විජේරත්න මහතා, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආදම්බාවා මහතා, අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂතුමන් , ප්‍රධාන ගණකාධිකාරිතුමන්,අම්පාර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්යක්ෂතුමන්, වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයින්, කෘෂිකර්ම ක්ෂේත්රයේ නිළධාරීන් , වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් සහ ගොවි සංවිධානය නියෝජිතයින් රැසක් සහභාගි විය.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)





