දිස්ත්‍රික් ලේකම්
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
අම්පාර දිස්ත්‍රික් අර්ධ වාර්ෂික සඟරා එළිදැක්ම අම්පාර මහ දිසාපති ප්‍රධානත්වයෙන්.
අම්පාර දිස්ත්‍රික් අර්ධ වාර්ෂික සඟරා එළිදැක්ම අම්පාර මහ දිසාපති චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 27දා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශාලාවේ දී සිදුකෙරිණි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සහ ඉස්ලාමික් රිලීෆ් ආයතනයේ මුල්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරුණු මෙම උළෙලේ දී අම්පාර දිස්ත්‍රික් ආයතන ප්රධානීන්නට සහ රාජ්‍ය නිළධාරීන්ට මෙම සඟරාව එළිදැක්වු අතර, මෙහි අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධනාත්ම පුවත්, ජාතික වශයෙන් වැදගත් වැඩසටහන්, ඒ ඒ ක්ෂේත්රයන්ට ප්‍රවීණ වු පුවත්, සාහිත්‍යමය පුවත්, විශේෂාංග ලිපි වලින් සමන්විතය.
මෙම සඟරා එළිදැක්මේ උළෙල සඳහා අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලන්ත ද සොයිසා මහතා, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතා, අම්පාර දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරිතුමන්, අම්පාර දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂතුමන්, අම්පාර දිස්ත්‍රික්කයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරිතුමන්, අම්පාර දිස්ත්‍රික් නියොජ්‍ය සැලසුම් අධ්යක්ෂතුමන්, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අඩවි වන නිළධාරිතුමන් ඇතුළු මාණ්ඩලික නිළධාරීන්, ක්ෂේත්‍ර නිළධාරින් හා රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.















(අම්පාර දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය)
අම්පාර-දිස්ත්‍රික්-අභිනව-දිසාපති-දිස්ත්‍රික්-ලේකම්-ලෙස-චින්තක-අබේවික්‍රම-මහතා-සිය-ධූරයේ-රාජකාරී-අරඹයි
අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ 25වැනි දිසාපතිවරයා ලෙස ලෙස චින්තක අබේවික්‍රම මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ 2023 ජූලි 10 වැනි දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කෙරිණි.
අතිරේක දිස්ත්‍රික් ලේකම් වී. ජෙගදීසන් මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් විමංස සෙනවිරත්න මහතා, සමෘද්ධි අධ්යක්ෂ, ප්‍රධාන ගණකාධිකාරී, ගණකාධීකාරී, විගණන ප්‍රධානී, සංඛ්යාලේකනඥ, වැඩබලන සැලසුම් අධ්යක්ෂ එච්. බී. අනීස් මහතා, අම්පාර දිස්ත්‍රික්කයේ සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම සුබ මොහොත සඳහා සහභාගී විය.











( ෂෙහානි දිල්රුක්ෂිකා - අම්පාර දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය )
2023 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 නව වර්ෂයේ ආරම්භය, අම්පාර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 02 වැනි දින සර්ව ආගමික වතාවත් වලින් පසුව ආරම්භ කෙරිණි.
එය සංකේතවත් කරමින් කාර්යාල පරිශ්‍රයේදී අඹ පැළයක් රෝපණය කිරීම දිසාපති ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙම උත්සවය අවස්ථාව සඳහා ස්වාමින් වහන්සේලා ඇතුළු සර්ව ආගමික නායකයන් ,අතිරේක දිස්ත්‍රික් ලේකම් වී.ජෙගදීසන් මහතා,අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලන්ත ද සොයිසා මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් විමංස සෙනවිරත්න මහතා, කෘෂිකර්ම අධ්යක්ෂ,දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ,සහකාර මැතිවරණ කොමසාරිස්,සැලසුම් අධ්යක්ෂ (වැ.බ.) , ගණකාධිකාරි,ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා අංශ ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෙසු නිලධාරීන් රැසක්ද සහභාගී විය.














(ෂෙහානි දිල්රුක්ෂීකා | අම්පාර දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය)













