අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 නව වර්ෂයේ ආරම්භය, අම්පාර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 02 වැනි දින සර්ව ආගමික වතාවත් වලින් පසුව ආරම්භ කෙරිණි. එය සංකේතවත් කරමින් කාර්යාල...

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ 25වැනි දිසාපතිවරයා ලෙස ලෙස චින්තක අබේවික්‍රම මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ 2023 ජූලි 10 වැනි දින  සිය ධූරයේ රාජකාරී ආරම්භ කෙරිණි. අතිරේක දිස්ත්‍රික් ලේකම් වී. ජෙගදීසන් මහතා,...

Mr.Chinthaka Abeywickrama
(2023_Jul to 2026_Mar)
Mr.J.M.A.Douglas
(2022_Jan to 2023_Jun)
Mr.D.M.L.Bandaranayake
(2018_Aug to 2021_Dec)
Mr.Thusitha P. Wanigasinghe
(2015_Mar to 2018_Aug)
Mr.Neil De Alwis
(2011_Nov to 2015_Mar)
Mr.Suni Kannangara
(2006_Dec to 2011_Nov)
Mr.H.M.Herath Abeyweera
(2003_Dec to 2006_Dec)
Mr.L.S.C.Siriwardhana
(2000_Apr to 2003_Jul)
Mr.A.H.Wickramarathna
(1997_Oct to 2000_Apr)
Mr.A.I.Wicrama
(1992_Feb to 1997_Oct)
Mr.P.Mudannayake
(1989_Mar to 1992_Mar)
Mr.D.M.Nandisena
(1986_Jun to 1989_Mar)
Mr.D.M.Ariyarathna
(1980_Feb to 1986_Jun)
Mr.Y.W.Gunawardhana
(1978_Mar to 1980_Feb)
Mr.A.Andrew De Silva
(1977_Aug to 1978_Feb)
Mr.W.K.G.A.Percy Abeysinghe
(1974_Oct to 1977_Jul)
Mr.Dharmasena Wijesinghe
(1972_Sep to 1974_Sep)
Mr.Robin Bradman Weerakoon
(1970_Apr to 1972_Aug)
District Secretary
District Secretary
Mr.Anupama Mangala Wickramarachchi
Additional District Secretary
Addl. District Secretary
Mr. S. Jegarajan
Additional District Secretary
Addl. District Secretary
Mrs. A. L. I. Bhanu
Chief Accountant
Chief Accountant
Mr. A. L. Mahroof
Chief Internal Auditor
Chief Internal Auditor
Mr. N. Ramesh
Chief Engineer
Chief Engineer
Mr. A. M. Zaheer
Director Planning
Director Planning
Mr. M. A. M. Munazir
Accountant
Accountant
Mr. I. M. Fariz
Deputy Director Planning
Deputy Director Planning
Mr. H. B. Anees
Deputy Director Planning
Deputy Director Planning
Mr. A. A. H. M. Adhikari
Assistant District Secretary
Asst. District Secretary
Mr. Chamara Jayathilaka
Administrative Officer
Administrative Officer
Mrs. Sriyani Padmalatha

අපගේ දැක්ම

විකසිත ප්‍රජාවකින් හෙබි ඉසුරුපිරි දිස්ත්‍රික්කයක්.

අපගේ මෙහෙවර

දිස්ත්‍රික්කයේ සම්පත් ප්‍රශස්ත ලෙස යහපාලනමය යාන්ත්‍රණය ඔස්සේ කළමනාකරණය කර තිරසර සංවර්ධනය කරා මෙහෙයවමින් නිදහස් හා සුරක්ෂිත හෘදයාංගම පරිසරයක දැනුමෙන්, නිපුණත්වයෙන්, නිර්මාණශීලීත්වයෙන් හා නිරෝගී බවින් සපිරුණු ඉහළ ජීවන තත්ත්වයෙන් හෙබි, ජනතාවක් සහිත ඉසුරුපිරි දිස්ත්‍රික්කයක් ගොඩ නැගීම.

අගයන්

  •   හෘදය සංවේදී රාජ්‍ය සේවක කැළක්.
  •   සොයා එන හැම දන මන විකසිත වන විශ්වසනීය සේවයක් .
  •   නව්‍යත්වය සොයමින් සැනෙකින් විසදුම් සොයා යන කාර්යය සංස්කෘතියක් .
  •   පිවිතුරු හා හරිත පරිසරයක් තුළින් අවියෝජනීයව අවශ්‍යතාවයන් ඉටු කර ගන්නා වූ ප්‍රසන්න පරිශ්‍රයක් .
  •   යහපාලනමය යොමුවක් .

දිගාමඩුල්ල ආදී ආර්‍ය්‍ය ජනවාසයන්ගෙන් එකකි. වංශ කථාව අනුව දීඝායු කුමරා විසින් පිහිටුවනු ලැබූ මෙම ජනපදය ඉතා සුළු කලකින්ම ප්‍රබල දේශපාලන නායකත්වයක් බිහි කළේය. දීඝ ගාමිණිගේ පුත් පණ්ඩුකාභය කුමරා විසින් අනුරාධපුරය සිය අනසකට ගෙන අනුරාධපුරයෙහි අගනුවර පිහිටවනු ලැබීය. මෙතැන් සිට දිගාමඩුල්ල අනුරපුර මහ රජුගේ එක් ප්‍රාදේශීය පාලන කොට්ටාශයක් වු අතර එය ප්‍රධාන ධාන්‍යාගාරය ද විය. පොලොන්නරු රාජධානිය බිද වැටි දේශපාලන අධිකාරය නිරිත දිග ප්‍රදේශයට තල්ලුවිමත් සමග දිඝාමඩුල්ද වල් බිහි වන්නට විය. පසුව මෙය උඩ රට රජුගේ පාලනයට නතුවී පැවත 1815 දී බ්‍රිතාන්‍ය අධිකාරය යටතට පත්විය. බ්‍රිතාන්‍ය පළාතේ පාලන ක්‍රමය තුල දිඝාමඩුල්ලට හිමි වූයේ ඉතා අඩු අවධානයකි. එහෙයින් ප්‍රදේශයේ වල් බිහිවිම වඩාත් ඉක්මන් විය. එනමුදු බ්‍රිතාන්‍යයේ පාලන අවසාන කාලයේ ස්වදේශීයන් පාලනයට සම්බන්ධ විමත් ගොවිතැන් කටයුතු නගා සිටු විමට රජය ගත් උත්සාහයත් නිසා දිඝාමඩුල්ල කෙරෙහිද රජයේ අවධානය යොමු වන්නට විය. අවසානයේ නිදහස් ලංකා පාලනය යටතේ 1949 දී ආරම්භ කල ප්‍රධාන බහු විධ සංවර්ධන කාර්යය වූ ගල්ඔය ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ වූයේ මෙම ප්‍රදේශය මුල් කොට ගෙනය. ක්‍රමවත් සැලසුම් ගත සංවර්ධනයක් තුල ටික කලෙකින් සංවර්ධනය වූ මෙම ප්‍රදේශය 1961 දී අම්පාර දිස්ත්‍රික්කය නමින් අළුත් පරිපාලන දිස්ත්‍රික්කයක් වශයෙන් රජයේ පරිපාලන රාමුවට ඇතුලත් වූ යේය. ඉන් ටික කලෙකින් පසු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොට්ඨාශ යලි නම් කිරීමේදී අංක 13 දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශය ලෙස නම් කරන ලදි.

 ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලතේ කෘෂි කර්මාන්තයෙන් ඉතා සශ්‍රීක වු දිස්ත්‍රික්කයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ පරිපාලනමය ප්‍රධාන නගරය අම්පාර නගරයයි. නගර සීමාව තුල වැදගත් වැව් තුනක් සහ වනජීවි අභය භූමියක් තිබීම අම්පාර නගරයට පමණක් අනන්‍ය වු කරුණකි.

 දිස්ත්‍රික්කයේ ජනගහනය 2012 ජන සංගනණයට අනුව 648.057කි.එයින් 43.58%ක් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින්ගෙන්ද ,38.73%ක් සිංහල ජාතිකයින්ගෙන්ද 17.39%ක් ශ්‍රී ලාංකික දමිල ජාතිකයින්ගෙන්ද සමන්විතය.

 අම්පාර දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 19කට බෙදා ඇති අතර ප්‍රාදේශිය ලේකම් කාර්යාල 19 කින් හා එක් උප දිසාපති කාර්යාලයකින් සමන්විතය

 අම්පාර දිස්ත්‍රික්කයේ භෞතික පිහිටිම ප්‍රධාන වශයෙන් තැනිතලාවන්ගෙන් සමන්විත වන අතර හුදෙකලා කඳුවැටි සහිත ප්‍රදේශයන් අතලොස්සක්ද දක්කනට ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 4,415ක් පමණ වන අතර ඉන් වර්ග කිලෝමීටර 193ක් අභ්‍යන්තර ජලාශ වලින් ආවරනය වී ඇත.

 අම්පාර දිස්ත්‍රික්කයේ සීමා මායිම්

  • උතුරින් - මඩකලපුව හා පොලොන්නරුව දිස්ත්‍රික්ක

  • නැගෙනහිරින් - බෙංගාල බොක්ක(ඉන්දියන් සාගරය)

  • දකුණින් - හම්බන්තොට දිස්ත්‍රික්කය

  • බටහිර හා නිරිතදිගින් - මොනරාගල දිස්ත්‍රික්කය

  • වයඹින් - බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්ක

දේශගුණය

මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 32කි.උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් පමණ වේ. අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ක් පමණ වන අතර එය දෙසැම්බර් හා ජනවාරි මාසයන්හිදි වාර්තා වෙයි.වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1400ක් පමණ වන අතර ප්‍රධාන වශයෙන් ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලැබේ.සාමාන්‍යයයෙන් වියලි කාලය මාර්තු සිට සැප්තැම්බර් දක්වා ද වර්ෂා සමය ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වාද වෙයි.

 

අම්පාර දිස්ත්‍රික් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නාම ලේඛනය

අනු අංකය

නම සිට දක්වා
1 පර්සි අබේසිංහ මහතා 1974.10.01 1977.08.01
2 ඇන්ඩෘ ද සිල්වා මහතා 1977.08.02 1978.02.28
3 වයි.එම්.ගුණවර්ධන මහතා 1978.03.01 1980.
4 ජී.එම්.ආරියරත්න මහතා 1980 1985.06.
5 ඩී.එම.නන්දසේන මහතා 1985.07. 1987.07
6 ජී.මුදන්නායක මහතා 1989.08.01 1992.01.31
7 ඒ.අයි.වික්‍රම මහතා 1992.02.04 1997.10.19
8 එච්.ඒ.වික්‍රමරත්න මහතා 1997.10.20 2000.04.14
9 එල්.එස්.පී.සිරිවර්ධන මහතා 2000.04.15 2003.07.30
10 එච්.එම්.හේරත් අබේවීර මහතා 2003.08.01 2006.12.26
11 සුනිල් කන්නන්ගර මහතා 2006.12.27 2011.11.11
12 නීල් ද අල්විස් මහතා 2011.11.14 2015.03.17
13 තුසිත පී. වනිගසිංහ මහතා 2015.03.23 2018.08.02 
14 ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා 2018.08.06