மாவட்ட செயலாளர்
அரசு சேவை மையங்கள்
අම්පාර දිස්ත්‍රික්යේ වත්මන් තත්ත්වය සහ පැවති ආපදා තත්ත්වය පිළිබද විශේෂ සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී.






ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් කාර්තිව් ප්‍රදේශයේ සිදු වු අනතුර පරික්ෂාව අම්පාර දිසාපති ප්‍රධානත්වයෙන්
කාර්තිව් පොලිස් වසමේදී නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය වූ පිරිමි ළමුන් 11 දෙනෙකු රැගත් ට්‍රැක්ටර් රථයක් ගංවතුර හේතුවෙන් කාර්තිව් බස් නැවතුම්පොල ආසන්නයේ පිහිටි පාලම අසලින් පෙරළි ගොස් තිබුණේ නොවැම්බර් 26 දිනයේය.
මෙම අනතුරින් ළමුන් 06 දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු හා ඔහු සමඟ ගමන් කළ තවත් පුද්ගලයෙකු ගංවතුරට ගසා ගෙන ගොස් තිබු අතර මේ වන විට ඔවුගේ මෘතදේහ සොයා ගෙන තිබේ. එයින් ළමුන් 05 දෙනෙකු දිවි බේරාගෙන ඇත.
මෙම අතුරුදහන් වූ ළමුන් අවුරුදු 12 ත් 16 ත් අතර වයස්වල පසුවන සමන්තුරය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මොවුන් නින්දවූර් මද්රසා පාසලේ සිට නිවෙස් බලා ට්‍රැක්ටර් රථයෙන් ගමන් කරමින් සිටියදී, ගංවතුර හේතුවෙන් මෙම අනතුරට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය පරික්ෂා කරමින් ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදු කිරීමට නොවැම්බර් 27 වන දින අම්පාර මහ දිසාපති චින්තක අබේවික්‍රම මහතා කටයුතු කරණු ලැබීය. මෙම අවස්ථාව සදහා අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.ජෙගරාජන් මහතා, සම්මන්තුර ප්‍රාදේශීය ලේකම්තුමන් සහ ආරක්ෂක අංශ සහභාගි විය.






(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය )
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව පරිපාලන නිළධාරීතුමිය සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව පරිපාලන නිළධාරීතුමිය ලෙස ශ්‍රියානි පද්මලතා මහත්මිය 2024 ජූලි මස 01 වන දින සුභ මොහොතින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කෙරිණි.



( අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
කායික ආබාධ සහිත ප්‍රතිලාභීන් උදෙසා ව්‍යවසායක උපකරණ ප්‍රධානය අම්පාර මහ දිසාපති ප්‍රධානත්වයෙන්.
ආබාධ සහිත පුද්ගලයින්ට සාමාන්‍ය පුරවැසියන් ලෙස ආර්ථික වශයෙන් සවිබලගැන්වීමට හැකි අන්තර්කරණ සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ආර්ථික සංවර්ධනය උදෙසා සමාජ අන්තර්කරණය(ISED) සහ කුඩා පවුල් ව්‍යාපාර ඒකක ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඔස්සේ ඩච් ලංකා මිත්‍රත්ව පදනම මෙහෙයවීමෙන් අම්පාර මහ දිසාපති චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ව්යවාය උපකරණ ප්රදානය කිරීම 2024 ජුනි මස 18දා සිදුකෙරිණි.
වයස අවුරුදු 18-40 අතර කායික ආබාධ සහිත පුද්ගලයින්ගේ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිලාභීන්ට අවශ්‍ය රුපියල් ලක්ෂ දෙකක වටිනාකමින් යුතු උපකරණ බෙදාදීමේ වැඩසටහනෙහි දෙවන අදියර, මෙලෙස ඩච් ලංකා ආයතන පරිශ්‍රයේ දී පැවැත් වු අතර, ඒ සඳහා අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක ඉර්ෆාන් මහතා, ISED ව්‍යාපෘති කළමනාකරු සී නන්දකුමාර් මහතා ඇතුලු කාර්ය මණ්ඩලය සහ ප්‍රතිලාභීන්ගේ රැසක් සහභාගි විය.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය)












