மாவட்ட செயலாளர்
அரசு சேவை மையங்கள்
මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්විම් නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.
මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025 දෙසැම්බර් මස 15 වන දින, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්ස මහතාගේ සහ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී, මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එම්.එම්.පී.කේ.විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සහ මහඔය ප්‍රාදේශීය ලේකම් තිලිණ වික්‍රමරත්න මහතාගේ සංවිධානයෙන් පැවති මෙම කමිටු රැස්වීම සදහා දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මුතු රත්වත්තේ මහත්මිය, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බහුජන සංවිධාන රැසක් සහභාගි විය. මෙහිදී මහඔය ප්‍රාදේශීය කොට්ඨාසයේ පවතින ජනතා ප්‍රශ්න සහ යෝජනාවන් රැසක් සාකච්ඡා කෙරිණි.



(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
කාන්තා ව්‍යවසායකත්වය, නායකත්වය සහ ජාලකරණය තුළින් සවිබල ගැන්වීමේ ජයිකා (WEE) ව්‍යාපෘතිය.
ජයිකා (WEE) ව්‍යාපෘතිය යටතේ අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික් ව්‍යවසායිකාවන් සහ වනිතා සංවර්ධන නිළධාරීන්, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිළධාරීන් පාරිභෝගික නිති රීති හා අණ පනත් පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන.
කාන්තා ව්‍යවසායකත්වය, නායකත්වය සහ ජාලකරණය තුළින් සවිබල ගැන්වීමේ ජයිකා (WEE) ව්‍යාපෘතිය යටතේ අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හී තෝරාගත් ව්‍යවසායිකාවන් 18දෙනකු සහ වනිතා සංවර්ධන නිළධාරීන්, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිළධාරීන් පාරිභෝගික නිති රීති හා අණ පනත් පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන 2025 ජනවාරි මස 15 වන දින අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතාගේ ප්‍රධානත්වයෙන් රෝයල් රීච් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිළධාරි සුරේකා එදිරිසිංහ මහත්මියගේ සංවිධානයෙන් අම්පාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් ප්‍රධානී සාලින්ද බණ්ඩාර නවරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සිදුකෙරිණි.








(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
Clean Sri Lanka ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
Clean Sri Lanka ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන.
පාරසරික, සමාජීය හා ආචාරධර්මීය ප්රවේශයන් ඔස්සේ පුළුල් පරිවර්තන ක්‍රියාවලියක් හරහා දියුණු සමාජයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියත්මක කරනු ලබන Clean Sri Lanka ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025 දෙසැම්බර් මස 09 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ විමර්ශන අංශයේ ප්‍රධානි ඊ.යු.ඩි.ඩි.කේ.ඩි.ඇහැළපොල මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති අතර, මේ සඳහා අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතා, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලන්ත ද සොයිසා සිරිවර්ධන මහතා, අම්පාර දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂතුමන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිතුමන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම්තුමන්, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, වාරිමාර්ග අධ්යක්ෂතුමන්, ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්තුමිය, පළාත් පාලන සහකාර කොමසාරිස් තුමන්, ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.









(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
34 වැනි අම්පාර දිස්ත්‍රික් ජාතික සමථ දින සැමරුම් උළෙල
34වැනි අම්පාර දිස්ත්‍රික් ජාතික සමථ දින සැමරුම් උළෙල අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (16දා) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ.අයි. වික්‍රම ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික්කයේ සමථ මණ්ඩල ස්වේච්ඡා සමථ කාරකවරුන් 600ක් පමණ සේවය කරනු ලබන අතර මෙහිදී සුවිශේෂිත්වය වන්නේ වසර 25ක් වැනි කාලයක් අඛණ්ඩව සේවය කළ සමථ කාරකවරුන් හට සේවය ඇගයීම වෙනුවෙන් සහතික පත් ප්‍රදානයක් ද සිදුකෙරිණි.
අම්පාර, මොනරාගල සමථ පුහුණුකරු වන සමන් නාරම්ගල මහතාගේ සංවිධානයෙන් පැවති මෙම සැමරුම් උළෙල සඳහා මඩකලපුව සමථ පුහුණුකරු වන එම්.එම්. අසාත් මහතා, ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ඕ.කේ ෂරීෆා මහත්මිය, අම්පාර දිස්ත්‍රික් සමථ මණ්ඩල සංවර්ධන නිළධාරීන් ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ සමථකරුවන් රැසක් මේ අවස්ථාවට සහභාගි විය.









(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)












