மாவட்ட செயலாளர்
அரசு சேவை மையங்கள்
"මැතිවරණ සමයේ මාධ්‍ය නීති" ග්‍රන්ථයේ දෙමළ පරිවර්තනය ජනගත කරලීම සහ විස්ල්බ්ලොවර් ආරක්ෂණ ප්‍රතිපත්ති සංවර්ධනය පිළිබඳ පාර්ශවකරුවන් දැනුවත්කිරීමේ වැඩසටහන.
"මැතිවරණ සමයේ මාධ්‍ය නීති" ග්‍රන්ථයේ දෙමළ පරිවර්තනය ජනගත කරලීම සහ විස්ල්බ්ලොවර් ආරක්ෂණ ප්‍රතිපත්ති සංවර්ධනය පිළිබඳ පාර්ශවකරුවන් දැනුවත්කිරීමේ වැඩසටහන නීතිඥ ජගත් ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් අද දින (15දා) අම්පාර නගර සභා තානායම් පරිශ්‍රයේ දී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලංකා තරැණ සංවිධාන ජාලය(LYON), ආසියා පදනමේ ( Asia Foundation ) අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහන සදහා LYON ආයතනයේ විධායක අධ්යක්ෂ අරැණ ප්‍රදීප් කුමාර මහතා, වැඩසටහන් අධ්යක්ෂ යශෝධරා කපුගේ මහත්මිය ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් රැසක් සහභාගි විය.







(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් ප්රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ අම්පාර දිස්ත්‍රික් පුහුණු වැඩසටහන.
ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් ප්රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ අම්පාර දිස්ත්‍රික් පුහුණු වැඩසටහන අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 11 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික් කාන්තා සංවර්ධන නිළධාරී සුරේකා එදිරිසිංහ මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම පුහුණු වැඩසටහන තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් ප්රචණ්ඩත්වය, සයිබර් අපරාධ සම්බන්ධයෙන් පවතින නීතිය සහ ආයතන සම්බන්ධව හා මිනිස් ජවාරම් පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් පවතින නීති සම්බන්ධයෙන් සුවිශේෂි ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහි සම්පත් දායකත්වය දරනු ලැබුවේ අම්පාර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ පොලිස් සැරයන් ටී.කේ. ඩී. බණ්ඩාර මහතා විසිනි. මෙම වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ඕ.කේ. ෂරීෆා මිය, ඇතුළු රාජ්‍ය නිළධාරී, අම්පාර දිස්ත්‍රික්කයේ වනිතා කටයුතු නිළධාරීන්, කාන්තා සමිති නියොජිතවරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
ස්ත්‍රී පුරුෂ සමානාත්වතාවය උදෙසා දින 16 වැඩසටහන 2024 තේමා කරගත් අම්පාර දිස්ත්‍රික් පා ගමන.
ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ එක්ව අම්පාර සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ මෙහෙයවීමෙන් “සමානාත්වතාවය අරඹන්නේ නිවසෙනි”, යන තේමා පාඨය රැගත් අම්පාර දිස්ත්‍රික් කාන්තා පා ගමන අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අම්පාර දිස්ත්‍රික් ලේකම් චිත්නක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 12 වැනි දින ආරම්භ කෙරිණි.
අම්පාර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිළධාරී සුරේකා එදිරිසිංහ මහත්මිය සමඟ කරංගාව අරලිය හා නියුගුණ යසෝධරා කාන්තා කාර්ය සංවිධානය හා දිරිය වනිතා දිස්ත්‍රික් බල මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම පා ගමන සඳහා අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන්, අම්පාර දිස්ත්‍රික්කයේ සියලූම වනිතා සංවර්ධන නිළධාරීන්, කාන්තා කාර්ය සංවිධාන සහ බල මණ්ඩලයන් හී කාන්තා සමාජිකාවන් රැසක් සහභාගි විය. පා ගමන අතර, මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම් කටයුතු ද සිදුකෙරිණි.











(අමපාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කළ විශ්‍රාමික කළමණාකරණ සේවා නිළධාරී උත්පල දිසානායක මහතා පිදුම් ලබයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරන 39 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළේ දී කැටයම් සහ මුර්ති ශිල්පී අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කළ විශ්‍රාමික කළමණාකරණ සේවා නිළධාරී උත්පල දිසානායක මහතා 2024 දෙසැම්බර් මස 12 වැනි දින කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා ඇතුළු අම්පාර දිස්ත්‍රික් සියලු රාජ්‍ය නිළධාරීන්ගේ, කලා කරුවන්ගේ සහ අම්පාර දිස්ත්‍රික් ජනතාවගේ සුභාශිංසනය.



(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)















