மாவட்ட செயலாளர்
அரசு சேவை மையங்கள்
දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන් ප්‍රධානත්වයෙන්.
දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්ස මහතාගේ සහ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී, දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි 16වන දින දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ සහ දමන ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.ඒ. කුමාරි මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම කමිටු රැස්වීම සදහා අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බහුජන සංවිධාන රැසක් සහභාගි විය.
මෙහිදී දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ගොවි ගැටලු ඇතුළුව ජනතා ප්‍රශ්න සහ යෝජනාවන් රැසක් සාකච්ඡා කෙරිණි.








(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
පදියතලාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
පදියතලාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්ස මහතාගේ මූලිකත්වයෙන්.
පදියතලාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025 ජනවාරි මස 15 වැනිදා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය , අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්ස මහතාගේ මූලිකත්වයෙන් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පදියතලාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මුතූ රත්වත්තේ මහත්මියගේ සභාපතිත්වයෙන් පවත්වනු ලැබුණු මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා, පදියතලාව ප්‍රාදේශීය ලේකම් සුදර්ශන ගුනසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බහුජන සංවිධාන රැසක් සහභාගි විය.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)
අධික වර්ෂාවත් සමඟ කොටවෙහෙර ප්‍රදේශයෙන් ගල්ඔය ඉවුර ඛාදනය වීම අවම කරලීම
ලංකාවේ ප්‍රථම මෙන්ම මෙතෙක් සිදුකළ විශාලතම ව්‍යාපෘතිය වන්නේ ගල්ඔය ව්‍යාපෘතියයි. ඒ යටතේ අක්කර අඩි 770,000ක ජල ධාරිකාවයකින් යුතුව ඉදිකළ සේනානායක සමුද්‍රය ලංකාවේ විශාලම ජලධාරිතාවයකින් යුතු ජලාශයයි. මෙහි ජලය ගලා බසිනු ලබන්නේ ගල්ඔය ගඟ ඔස්සේය. පසුගිය දින කිහිපයෙහි ඇති වු අධික වර්ෂාවත් සමඟ කොටවෙහෙර ප්‍රදේශයෙන් ගල්ඔය ඉවුර ඛාදනය වීම ජනවාරි 14දා වාර්තා විය.
එහිදී අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ස්ථානයීය නිරීක්ෂණයෙන් අනතුරුව අම්පාර වාර්මාර්ග ඉංජිනේරු කාර්යාලය, අම්පාර ප්‍රදේශීය ලේකම් කාර්යාලය, 24 වැනි සේනාංකය සහ අම්පාර දිස්ත්‍රික් ආපද කළමණාකරණ මධ්‍යස්ථානය වහා ක්‍රියාත්මක විය. එහිදී මෙම ඉවුර ඛාදනය වීම අවම කරලීම උදෙසා මෙම අවස්ථාවේ ගත යුතු කඩිනම්ම ක්‍රියාමාර්ගය වන ඉවුරේ අනෙක් පස තැන්පත්ව තිබු වැලි නිධි ඉවත් කිරීම සිදුකෙරිණි.




(අම්පාර දිස්ත්‍රික් මාධය ඒකකය)
යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අම්පාර සුදුවැල්ල ප්‍රදේශයේ පවුල් 40ක් ආරක්ෂිත නිවාස වෙතින් නැවතත් තම නිවෙස් කරා යොමු කෙරේ.
අධික වර්ෂාවත් සමඟ කොටවෙහෙර ප්‍රදේශයෙන් ගල්ඔය ඉවුර ඛාදනය වීම හේතුවෙන් පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් 2025 ජනවාරි මස 14 වන දින, අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුවැල්ල ප්‍රදේශයේ පවුල් 40ක පුද්ගලයින් 110 දෙනකු ආරක්ෂිත නිවස්න කරා යැවීමට අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්රමම මහතා ඇතුළු දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කටයුතු කෙරිණි.
නමුත් ඊයේ වන විට (15දා) පැවති යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අම්පාර සුදුවැල්ල ප්‍රදේශයේ එම
ජනතාව නැවතත් නිවෙස් කරා යැවීමට සියලු ආයතනයන්ගේ සහයේගයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට අම්පාර සහකාර ප්‍රාදේශීය ලේකම් සමාධි අගලකොටුව මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක් විය. අම්පාර මහාවාපී විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්ස ආරක්ෂිත නිවස්නයක් ලෙස මහාවාපී විහාරය වෙන්කළ අතර, ආරක්ෂක අංශ නියෝජනය කරමින් පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේද මේ සඳහා විශේෂ සහයක් ලැබීය.





(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)












